රේගුවෙන් නව ඩිජිටල් E-Tendering ක්‍රමය හඳුන්වා දෙයි
රේගුව මගින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට කටයුතු කර ඇත.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී රේගු නිළධාරින් ඒ බව සදහන් කර තිබේ.
කාරක සභාවේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.
රාජ්‍ය සේවාවට ඩිජිටල් ක්‍රමවේදයන් භාවිතයට හදුන්වා දීම එහි සාර්ථකත්වයට මග කියන්නක් වන බව බොහෝ දෙනාගේ අදහසයි .