Gas ගෑස් වංචාව නැවැත්වීමට ගත් අලුත්ම පියවර මෙන්න..

sri lanka Gas maligavaththa water bill electicity bill
By Sewvandhi Jan 08, 2022 08:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින ගෑස් හිඟය හමුවේ වංචනික ලෙස ගෑස් මිලදී ගැනීම් නවතා දැමීම සඳහා පාරිභෝගිකයින්ගේ අනන්‍යතාව සහතික කර ගෑස් ලබාදීමට අලෙවි නියෝජිතයින් මේ වනවිට කටයුතු කරමින් ඇත.

ඒ බව දැක්වෙන දැන්වීම් පවා ගෑස් අලෙවිසැල් අසල සවිකර තිබේ. එහි දැක්වෙන්නේ "එක පුද්ගලයෙකුට එක සිලින්ඩරයයි. ගෑස් ලබාගැනීමට විදුලි හෝ ජල බිල්පතක් රැගෙන ආ යුතුයි. නොවැම්බර් බිල," යනුවෙනි.

මේ අතර මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට පෝලිම්වල රැඳී සිටින ආකාරය ද දැකගත හැකිවිය.

මේ අතර සමහර පුද්ගලයින් හිස් ගෑස් සිලින්ඩරයක් නොමැතිව පෙහොර උරයක් රැගෙන විත් ගෑස් සිලින්ඩර මිලට ගෙන වැඩි මිලට ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වන බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය.

නමුත් එම ජාවාරම්කරුවන්ට ඇති බිය හේතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ අදහස් පලකිරීමෙන් වැළකී තිබුණි. එහිදී වාර්තා වුයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,000ක් තරම් ඉහළ මිලකට අලෙවි කරන බවය.

පවතින ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතයට පෙළඹී සිටියත් අද උදෑසන 5 සිට භූමිතෙල් මිලදී ගැනීම සඳහා ඔරුගොඩවත්තේ ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය ද දැකගත හැකිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now