නව සභාපතිවරයෙක් යටතේ නව ක්‍රිකට් තේරීම් කමිටුවක්
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇත.
ඒ සමඟම, එම තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන්ගේ නම් ඇතුලත් වේ.
මෙම පත්කිරීම් 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39(1) වගන්තියට අනුව සිදුකර ඇති අතර, 2025 මැයි 21 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2437/24 අනුව නීතිමය බලය ලබා ඇතැයි අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.
නව තේරීම් කමිටුව හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට වඩාත් වෘත්තීය හා විධිමත් මාර්ගෝපදේශනයක් ලැබෙනු ඇතැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ බලාපොරොත්තු රදවාගෙන සිටියි.