තවත් කොවිඩ් ප්‍රභේදයක් රට පුරා ව්‍යාප්ත වෙලාද?
covid19
isolated
quarantine
immunity
Jayawardhanapura campus
By Sewvandhi
තවත් කොවිඩ් වෛරස ප්‍රභේද රට පුරා ව්‍යාප්තව ඇත්දැයි සෙවීම සඳහා ආරම්භ කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද භාරදීමට නියමිතයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් එම පර්යේෂණ සිදුකළා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල 96 ක් මෙම පරීක්ෂණ සඳහා යොදා ගෙන තිබුණා.
ලොව විවිධ රටවල ව්‍යාප්තව ඇති දරුණු කොවිඩ් වෛරස ප්‍රභේද 05 ක් මෙරට ව්‍යාප්තව තිබී පසුගිය කාලයේ දී සොයා ගනු ලැබුවේත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින්.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |