බස් රථ සම්බන්ධයෙන් විශේෂ ඇප් එකක් හදුන්වා දෙයි..
Sri Lanka Politician
Sri Lanka Bus Strike
Department of Motor Vehicles
Online business
By Aruna
බස් රථ රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරනවා.
ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බව එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළා.
මේ අතර , ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමට ද තීරණය කර තිබීමද විශේෂත්වයක්.
ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම බස් රථ පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218ක් පමණ සිදුව ඇතැයි තොරතුරු අනාවරණ වී තිබේ.
එහිදීඑ රන්ද පෙරේරා මහතා සඳහන් කළේ, පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.
