නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් කොළඹදී ස්ථාපිත කරයි

Report

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ.

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු අද (13) සිට ආරම්භ වේ.

2006 අංක 54 දරන පළාත් මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ 5B වගන්තිය ප්‍රකාරව සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා  මෙම නව අධිකරණය පිහිටුවන  ලදි.

මහෙස්ත්‍රාත්වරුන්ට බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් සම්බන්ධ චක්‍රලේඛයක්

මහෙස්ත්‍රාත්වරුන්ට බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් සම්බන්ධ චක්‍රලේඛයක්

මෙම නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ  මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුතුමා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර ඇත. 

2030 වන විට ලෝකෙට සිද්ධවෙන දෙයක් පිළිබදව ප්‍රභල අනාවැකියක්

2030 වන විට ලෝකෙට සිද්ධවෙන දෙයක් පිළිබදව ප්‍රභල අනාවැකියක්

එමෙන්ම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කොටගෙන අල්ලස් නඩු, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහාද අගවිනිසුරුතුමාගේ උපදෙස් පරිදි වෙනම අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.