විසදුමක් නැති මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කරනු ලබයි.
ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (19) දිනයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන්ට දැනුම් දුන් බවට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ඔවුන් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබේ.
මේ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ වින්ච් මාදැල් ධීවරයින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වන බවයි.
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව තහනමක් පැනවීය.
එලෙස තහනමක් පනවා ඇත්තේ කොරල්පර, මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම වැළැක්වීමට සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සඳහා බව පවසමිනි.
කෙසේවෙතත් එම තීරණයට විරෝධය පළකරමින් සහ එම තහනම ඉවත් කරන්නැයි ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වින්ච් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පෙබරවාරි 5 වැනිදා සත්‍යග්‍රහයක් අරඹා ඇත.