spa ගිය පුංචි කෙල්ල...මට දැන් කොල්ලෙකුත් ඉන්නවා...ඔක්කොම කාලයත් එක්ක හරියයි
රංගන ශිල්පිනියන් ගැන අපේ රටේ ජනතාව ගොඩක් උනන්දු වෙනවා.
ඔවුන්ගේ නිර්මාණ උන්ගේ විලාසිතා ඔවුන් කරන කියන දේවල් ඉතින් මේ ගැන ගොඩාක්ම කාන්තා පාර්ශවයෙන් වැඩි අවධානයක් යොමු කරනවා.
කොල්ලොත් ලස්සන කෙල්ලෙක්ව දැක්ම ඒ දිහා සැරයක් බලනවා.
ඉතින් රංගන ශිල්පිනියක් කියලා හමට පස්සේ ඇයට ලැබෙන ඕනෑම චරිතයක් ගැන අවධානය යොමු කළ යුතුයි.
ලැබෙන චරිතය මොකක්ද ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කළ යුතුයි.
නමුත් ඉතින් ඒ චරිතය නිසාම තමන්ගේ ජීවිතයට කළු පැල්ලම් එකතු කරගත්තු අයත් නැතුවාම නෙවෙයි.
අදත් අපි මේ කියන කතාවෙන් චරිතයක් පෝෂණය කරන්න ස්පා ගිහින් අන්තිමට ස්පා නිළියක් බවට ඔන්න ප්‍රසිද්ධ වෙලා.
පසුගිය කාලසීමාව තුළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ස්පා එකක් පැත්තේ ගැවසුණා.
ඇත්තටම නයෝමි එක පාරටම ඒ වගේ තැනකට ගියේ ඇයි කියලා සමහරු හිතනවා ඇති.
ඒ සිතුවිල්ල නිවැරැදි කරගන්න අපි ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා සමග කතාබහ කළා.
පහුගිය දවස්වල නයෝමි ස්පා පැත්තේ ගිය බව ආරංචියි.
අම්මෝ… මොනවද මේ අහන්නේ…? එතකොට ඒ කතාව බොරුවක්ද? ස්පා පැත්තේ පහුගිය දවස්වල ගියා. හැබැයි ඉතින් වින්ඩි චරිතය වෙනුවෙන්.
කොහොමද ඒ අත්දැකීම?
ඒ ගෙවන කාලය වෙනස්ම අත්දැකීමක්. මම ස්පාවලට ගිහින් නැහැ. ඒත් ‘රාග’ ටෙලිනාට්‍ය කණ්ඩායමත් සමග ස්පා කිහිපයකට ගියා. එය වෙනස්ම අත්දැකීමක්.
වින්ඩි චරිතයට ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් දෝෂාරෝපණ ලැබුණා නේද?
ඇත්තටම ප්‍රේක්ෂකයන් පුදුම වෙලා තිබුණා මම එවන් චරිතයක් කරපු එක ගැන. වින්ඩි වගේ චරිත මේ සමාජයේ කොයි තරම් ඉන්නව ඇද්ද? ඉන් එක් චරිතයක් තමයි මම රඟපාන්නේ. ඇත්තටම මම එවැනි චරිත රඟපාන්න කැමැති නැහැ. යම් සීමාවක ඉඳගෙන තමයි මම ඒ චරිත නිරූපණය කරන්නේ ප්‍රේක්ෂකයන්ට රස විඳින්න පුළුවන් විදියට. දැන් ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න පුළුවන් වින්ඩි චරිතය මොන විදියටද ගලාගෙන යන්නේ කියලා.
විශිෂ්ට නිර්මාණයක අඩ නිරුවත් චරිතයකට ඇරයුමක් ලැබුණොත්?
මම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එවන් විශිෂ්ට නිර්මාණවල එවැනි කැපකිරීමක් කරපු සියලු ශිල්පිනියන්ට මගේ තියෙන්නේ පුදුම ගෞරවයක්. මොකද, ඒ කැපකිරීම, ඉවසීම හැම කෙනකුටම කරන්න බැරි නිසා. ‘චමත්කා’ ‘හුස්ම’ චිත්‍රපටයේ ඉතා සාර්ථක විදියට ඒ චරිතයට පුදුම සාධාරණයක් කරලා තියෙන්නේ. ඇත්තටම මට නම් බැහැ ඒ කැපකිරීම කරන්න. මොකද ඒ ආත්ම ශක්තිය මට නැති නිසා.
ඇත්තටම මේ වින්ඩි ගහන ඩබල් ගේම මොකක්ද?
වින්ඩි ළමා නිවාසයක හැදිලා එක පාරටම එන්නේ ස්පා එකක වැඩකරන්න. ඒ වගේ ලොකු මුදලක් ලැබුණම ඇය බලන්නේ සියල්ලගෙන්ම ආරක්ෂා වෙලා ඒ ලැබුණු මුදල රැකගන්න. මහ මුහුදෙන් දිය දෝතක් ගත්තට වරදක් නැහැ නේද?
සමාජයේ බොහෝ දෙනා ස්පා දකින්නේ වැරැදි ආකල්පයකින් නේද?
ස්පා කියන්නේ සම්බාහන ආයතනයක්. සමහර වැරැදි සිදුවීම් සිදුවන තැන් ඇති. නමුත් එහෙම දෝෂාරෝපණය කරන අයම ස්පාවලට යනවා. ඒකනේ හතු පිපෙනවා වගේ හැම තැනම ස්පා තියෙන්නේ. කෙල්ලෙක් ස්පා ගිහින් ඉන්නවා දැක්කොත් ඒ කෙනා දිහා බලන්නේ වැරැදි කෝණයකින්. නමුත් ඇය ගෙවන ජීවිතයේ ඇතුළාන්තය දිහා කිසිම කෙනෙක් හරි විදියට බලන්නේ නැහැ.
නයෝමිගේ ආදරණීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා වෙනස් චරිත නේද?
ඔව්. ඒ මගේ පෙනුමත් සමග. ඒ වගේම මම ගොඩක් රඟපෑවේ අහිංසක ගැමි චරිත නිසා. ප්‍රේක්ෂකයන් මාව ඒ විදියට දැක්කා. නමුත් මම රංගන ශිල්පිනියක් නිසා සීමාවක ඉඳගෙන විවිධ චරිත රඟපානවා.
පුංචි කාලේ දැකපු එක හීනයක් සැබෑ වුණා නේද?
ඇත්තටම ඔව්. මම පොඩි කාලේ අම්මා ගොඩක් දුක් වින්දා. ඒ නිසා මම හිතාගත්තා දවසක අම්මට ලස්සනම ලස්සන මුළුතැන්ගෙයක් හදලා දෙනවා කියලා. මොකද ඕනෙම ගෘහණියක් වැඩිපුරම කාලය ගතකරන්නේ මුළුතැන්ගෙයි. මට ගොඩක්ම සතුටුයි මම උපයපු මුදලින් අම්මා වෙනුවෙන් ඒ සිහිනය ඉටුකරන්න ලැබීම ගැන.
මේ දවස්වල නයෝමිගේ යෙහෙළියන් කරකාර බඳිනවා. ඔබේ සිහිනය කොයි වගේද?
ඒක කාලයත් එක්ක සිදුවේවි. මම දැන් පෙම්වතියක්. මාව තේරුම් ගත්ත ආදරවන්තයෙක් මට ලැබුණා. ගෙදරින් එහෙම ලොකු බලකිරීක් නැහැ. මොකද මම වැරැදි තීරණ ගන්නේ නැහැ කියලා අම්මා තාත්තා දන්නවා. හැම දේම හොඳ විදියට අනාගතයේදී සිදුවේවි.
