නාවික හමුදා සෙබළෙක් ඇයි මෙහෙම අපරාධයක් කලේ? පැහැරගෙන ගිහින් මරන්න තරම් ?

Report

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් - ජනතාවට ස්තූති කරන රනිල්

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් - ජනතාවට ස්තූති කරන රනිල්

වැඩිදුර විමර්ශන මගින් පොලිසිය වාර්තා කලේ, වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් යතුරු පැදියෙන් ගමන් කරන ලද මාර්ගය හරස් කර නවතා පහරදී ඝාතනය කර ඇති බවටය.

මෙම අපරාධයට වයස අවුරුදු 26ක නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කලක පටන් මියගිය පුද්ගලයා සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සැක කරයි.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

මකුළුගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශනය සිදු කරන අතර මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.