දුන්හිඳ දියඇල්ල නැරඹීමට පැමිණෙන ජනතාවට නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙයි
බදුල්ල, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුන්හිඳ දියඇල්ල පරිශ්‍රයේ නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජූලි 27 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දුන්හිඳ පැරණි නැරඹුම් වේදිකාව අසලදී මෙම ආරම්භක උත්සවය පැවැත්විණි.
වසර 50කට වඩා පැරණි සහ මේ වන විට අබලන් තත්ත්වයේ පවතින පැරණි නැරඹුම් වේදිකාව වෙනුවට මෙම නව මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.
ලෝකයම අවධානයෙන් සිටි ජාත්‍යන්තර වාර්තාව එළියට - ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට ඉහළම පිළිගැනීමක්
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 200ක ප්‍රතිපාදන ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත. නව නැරඹුම් මධ්‍යස්ථානය හරහා දේශීය හා විදේශීය සංචාරකයින්ට වඩාත් ආරක්ෂිත සහ උසස් තත්ත්වයේ නැරඹුම් අත්දැකීමක් ලබාදීම අරමුණ වී තිබේ.
ඌව පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරකයින්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
මෙම අවස්ථාවට සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.