රට පුරා දැවැන්ත මෙහෙයුමක් - අපරාධකරුවන් පොලිස් දැලේ
රටම එකට වැඩසටහන යටතේ ඊයේ(4) තුළ දිවයින පුරා සිදු කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ සැකකරුවන් 906ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. ඔවුන් අතරින් මේ වන විට සැකකරුවන් 15 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මුලස්ථානය පවසන්නේ සිදු කරන ලද එම වැටලීම් අනුව හෙරොයින් වැටලිම් 307 අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 337 ක්, ගංජා ග්‍රෑම් 198 , මත් පෙති සහ කුෂ් හෂීෂ් ඇතුලු මත්ද්‍රව්‍ය වැටලීම් 66ක් සිදු කරනු ලැබු බවයි.
පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම,ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබු බවයි.
ඒ අනුව පොලිස් මුලස්ථානය පවසන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩසටහන සිදු කරන බවයි.