මේ පාර ලේසි වෙන්නේ නෑ - සමාජ මාධ්‍ය මඟින් දරුවන්ට ඇති කරන බලපෑම හොයන්න විශේෂ සැලසුමක්
By Kaushi
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් සමාජ මාධ්‍ය මඟින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරන බව වාර්තා වේ.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපේක්ෂාව කරන බවයි.