සමාජ මාධ්‍ය නියාමනය කර ශාසනයට එල්ල කරන ප්‍රහාරය වැළැක්වීමට පියවර ගන්න - ජාතික භික්ෂු එකමුතුව

Report

රට තුළ සිදුවන ඇතැම් හුදකලා සිදුවීම් ප්‍රාග්ධනය කරගනිමින්, සැලසුම්සහගත ලෙස සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ දැඩි ප්‍රහාරයක් මේ වන විට දියත් කර ඇති බව ජාතික භික්ෂු එකමුතුව පවසයි.

අද (27) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වමින් පූජ්‍ය ඇලපත්ගම ඥානරතන හිමියන් අවධාරණය කළේ, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ වී මේ දිනවල මෙරට තුළ මහා පරිමාණයේ ව්‍යාපෘතියක් ලෙස මෙම ශාසන විරෝධී ක්‍රියාවලිය මෙහෙයවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බවයි.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් බුදුදහමට සහ මහා සංඝරත්නයට එරෙහිව දියත් කර ඇති මෙම අපහාසාත්මක ප්‍රහාරාත්මක රැල්ල වහාම නතර කළ යුතු බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය කිරීමට කටයුතු කරන ලෙසත්, ශාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි උපරිම දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් පූජ්‍ය ඇලපත්ගම ඥානරතන හිමියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කළහ.

පහළ ගිය කොටස් වෙළදපල යලි ඉහළට - නව අගයන්

පහළ ගිය කොටස් වෙළදපල යලි ඉහළට - නව අගයන්