නිදහස් උළෙලේ සුදානම

Report

මෙම මස 04 වැනිදා පැවැත්වෙන හැත්තෑ අට වැනි (78) ජාතික නිදහස් දින සමරු උළෙලේ අාචාර පෙළපාළිය සඳහා පොලිසියත් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය, ජාතික ශිෂ්‍ය භට බළකාය ඇතුළුව සෙබළුන් 4,602 ක් සහභාගි වේ ඊට යොදා ගන්නා සන්නද්ධ රථ සංඛ්‍යාව 07 කි.

මෙවර 78 වැනි ජාතික නිදහස් දින සමරු උළෙල “ගොඩනගමු ශ්‍රී ලංකා’’ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව තිබේ.

    ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි ඒ සදහා ආරාධිතයන් 2,000 ක් පමණ සහභාගිවීමට නියමිතය.

ඒ වගේම ආචාර පෙළපාළිය සඳහා සෙබළුන් වැඩිම පිරිසක් නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේය.

එම සංඛ්‍යාව 1,962 කි. තවද විශ්‍රාමික නිලධාරීන් 22 ක් සහ අාබාධිත නිලධාරීන් 22 ක්ද ආචාර පෙළපාළියට සහභාගිවීමට නියමිතය.

මීට අමතරව, ජාතික නිදහස් දින උළෙලේ සංස්කෘතික සන්දර්ශනය සඳහා සහභාගි වන පිරිස 483 කි.

ජාතික නිදහස් දින සමරුවට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හෙට (02 වැනිදා) රාත්‍රි 8.30 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.

ජාතික නිදහස් දින උළෙලේ ජාතික ගීය සිසු සිසුවියන් 44 දෙනකු විසින් ගායනා කිරීමට සූදානම් වේ.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු