හොර රහසේ රටින් පිටවීමට ගිය නතාෂා රිමාන්ඩ්..!

Bandaranaike International Airport Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 28, 2023 03:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය අධිකරණය විසින් ජුනි 7 දක්වා රිමාන්ඩ් කරන රක්ෂීත බන්ධනාගාර ගතකර තිබේ.

ඊයේ (27) රාත්‍රීයේ රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.  

එනම් ඇය, මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ වැඩසටහනකදී මෙලෙස බෞද්ධ දර්ශනයට අගෞරවයක් වන ප්‍රකාශය සිදුකර තිබුණා.

ඇය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කථාබහක් ඇතිවූ අතර, විවිධ පාර්ශව විසින් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක මත පළ කළා.

එමෙන්ම ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha