මෙවර 20-20 ලෝක කුසලානය ලංකාවටද? ශ්‍රී ලංකාව ගැන සුබවාදී අනාවැකියක්
මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ ICCය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නසාර් හුසේන් මහතා කියා සිටියේ,
"මට දැනෙනවා දිගු කාලයක් එකට ක්‍රිඩා කළ මේ කණ්ඩායමට දක්ෂතා දැක්වීමට හොඳම කාලය තමයි මේ. හැමවිටම ඔවුන්ට දක්ෂතාවය තියෙනවා. ඔබ කොළඹ, ගාල්ල, නුවර වගේ ප්‍රදේශවල බැලුවොත් දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීමේ ව්‍යුහය. අනෙක් රටවලට නැති තරමේ දක්ෂතා ඔවුන්ට තියෙනවා. ශ්‍රී ලංකාව තවමත් නොනැවතී දක්ෂ ක්‍රීඩකයින් බිහි කරමින් සිටිනවා. ඔවුන් හැමවිටම දක්ෂයි. හැබැයි ස්ථාවරව දක්ෂතා පෙන්වන්නේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් කරයි කියලා. මොකද ඔවුන් පසුගිය ICC තරගාවලිවලදී ඔවුන්ගේ හැකියාවන්ට වඩා අඩුවෙන් තමයි දක්ෂතා දක්වල තිබුණේ."
කෙසේ වෙතත් ශ්‍රී ලංකා - එංගලන්ත තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27) දින පැවැත්වීමට නියමිතයි.
එසේම අද (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක ප්‍රකාශ කළේ වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන පා දඟ පන්දුයවන්නන් දෙදෙනාම හෙට තරගයට සහභාගිවන බවයි.