හදිසි තත්ත්වයක් - නාසා මෙහෙයුමුත් වෙනස් කරන්න යයි
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමියෙකුගේ හදිසි සෞඛ්‍ය ගැටලුවක් නිසා මාසයකට පෙර ඔවුන් පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය අවධානය යොමු කර ඇත.
ඒ හේතුවෙන් ඊයේ (08) දින සැලසුම් කර තිබූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත ඇවිදීම ද අවලංගු කර තිබෙනවා. එමෙන්ම නාසා ආයතනය සඳහන් කළේ අදාළ ගගනගාමියා දැනට ස්ථාවර තත්ත්වයෙන් පසුවන බවයි.
සාමාන්‍යයෙන් ගගනගාමීන් මාස 6ත් 8ත් අතර කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින බැවින් හදිසි වෛද්‍ය තත්ත්වයන් සඳහා අවශ්‍ය මූලික උපකරණ සහ ඖෂධද එහි පවතියි.
අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි
එහෙත් අඳාළ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ව යළි පෘථිවියට ගෙන්වා ගැනීම කෙරෙහි නාසා බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව සඳහන්.
ඉකුත් අගෝස්තු මාසයේදී අභ්‍යවකාශගත වූ මෙම පිරිස, එළඹෙන මැයි මාසයේදී පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණා.
එසේ වුවත් පවතින තත්ත්වය අනුව ඔවුන් ඉදිරි දින කිහිපය තුළ පෘථිවිය බලා ඒමට ඉඩ ඇති බව සඳහන්.