බැංකු පොලී අනුපාතය තවත් පහලට..මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Jul 10, 2023 12:40 AM GMT
Aruna

Aruna

Report

දැනටමත් පහළ දමා ඇති පොලී අනුපාත තවදුරටත් අඩු වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

විදෙස් පුවත් සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ වන විට 11% දක්වා පහත දමා ඇති බවත්, එම අනුපාත තවදුරටත් පහත දැමෙනු ඇති බවත් නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා.

මෙරට ආර්ථිකය ප‍්‍රකෘතිමත්වීම දෙවන අර්ධයේදී දැකගත හැකි වනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.