වත්කම් බැරකම් නොදුන් ලොක්කෝ සෙට් එකගෙම නම් ලිස්ට් එකක් කොමිසමෙන් එළියට

Report

වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිය වෙබ් අඩවියේ පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම නිලධාරීන් අතර හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් 4ක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 6ක්, හිටපු තානාපතිවරුන් 29ක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත් බව වාර්තා වේ.

මේ අතර එසේ ඉදිරිපත් කළ ලැයිස්තුවේ හිටපු අමාත්‍යවරයා වන්නේ, හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද වන අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ, ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ සුරේන් රාඝවන් යන අය බව සඳහන්.

එසේම හිටපු ආණ්ඩුකාරවරුන් ලෙස මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොන්ඩමන්, නවීන් දිසානායක සහ විලියම් ගමගේ යන අයගේ නම් ඇතුළත් වන බව වාර්තා වේ. 

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්