මාලිමා රජයට ඡන්දය දුන් සමහරු ඈත් වෙලා.. - නාමල්

By Shehan Oct 12, 2025 03:06 PM GMT
Report

මාලිමා රජය පිහිටුවීමට ඡන්දය භාවිත කළ ඇතැම් පිරිස් මේ වන විට රජයෙන් ඈත් වෙමින් සිටින බවත්, රජයේ වැඩපිළිවෙළ ගැන පැහැදුණු තවත් පිරිස් රජයට එක්වෙමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. රජය පිළිබඳ අනවබෝධය හේතුවෙන් සමහර පිරිස් ඈත්වන බවත්, තවත් පිරිස් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රජයෙන් ඈත්වෙමින් සිටින බවත් ඔහු පැවසීය. රජය පොදු අභිමතාර්ථයන් සමඟ ගමන් කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී ඇති බවද ඔහු අවධාරණය කළේය.

විදුලිබිල වැඩි කළහොත් ජනතාව සමඟ පාරට බහිනවා - විපක්ෂ නායක

විදුලිබිල වැඩි කළහොත් ජනතාව සමඟ පාරට බහිනවා - විපක්ෂ නායක

කෙසේ වුවත්, රජය සමඟ සැකයෙන් සිටි පිරිස් රජයේ වැඩපිළිවෙළ ගැන පැහැදී, එම පිරිස් රජයට එක්වෙමින් සිටින බවත්, රජය පිළිබඳ බොරු ප්‍රචාරවලට බියවූ පිරිස් දැන් රජයේ වැඩපිළිවෙළ ගැන පැහැදීමක් ඇති කරගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

“මහනුවර දළදා මාලිගාවත් දළදා පෙරහරත් ඉවරයි, පන්සල් පල්ලි ඉවරයි, වාහන දෙකක් තිබුණොත් එකක් රජයට ගන්නවා, මහනුවර විශාල මහනුවරක් වෙනවා, පළිගැනීම් සිදුවෙනවා යනාදී බොරු ප්‍රචාර පුස් වෙමින් තිබෙනවා. මිනිසුන් ඝාතනය කරමින් මෙය අමුකනත්තක් බවට පත්කරනවා යැයි ඇතැම් පිරිස් ප්‍රචාරය කළත්, රජයේ වැඩපිළිවෙළ ඇත්ත ඇති සැටියෙන් දැන් ජනතාවට පෙනෙනවා”

මෙම තත්ත්වය යටතේ, මාලිමා රජයට ඡන්දය නොදුන් පිරිස් දැන් රජය සමඟ එක්වෙමින් සිටින බවත්, ඡන්දය දුන් ඇතැම් පිරිස් ඉහත කී බොරු ප්‍රචාර හේතුවෙන් ඈත්වෙමින් සිටින බවත්, එය ඇත්ත තත්ත්වය බවත් ඔහු අවධාරණය කළේය.

"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ

EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ