"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

Report

වත්මන් ආණ්ඩුව විසින් තමාට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කර යළි එය ලබාදීමට තීරණය කිරීමේ හේතුව තමාට ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව යළි ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත්නම්, එය ප්‍රතික්ෂේප කිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවයි. එසේම, හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව අවශ්‍ය බව ඕනෑම දරුවකුට පවා වැටහෙන කරුණක් බවත්, එසේ තිබියදී ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමට තීරණය කිරීම පිළිබඳව තමා විශේෂ අවධානය යොමු කළ බවත් ඔහු පැවසීය.

“අපිට යළි ආරක්ෂාව ලබාදීමට තීරණය කරනවා නම්, ඇයි මුලින් ආරක්ෂාව ඉවත් කළේ? ඒකත් අපට ප්‍රශ්නයක්. යළි ආරක්ෂාව දෙනවා නම්, එපා කියන්නේ නෑ. දැන් ඔවුන්ටම තේරිලා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව අවශ්‍ය බව. ඒ කාරණය ඕනෑම කිරි දරුවකුටත් තේරෙනවා” යැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගල්කිස්ස සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

ගල්කිස්ස සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

අනේ අද මට එන්න විදිහක් නෑ.. කට වරද්දාගත් විමල් නැවතත් හඬා වැටෙයි

අනේ අද මට එන්න විදිහක් නෑ.. කට වරද්දාගත් විමල් නැවතත් හඬා වැටෙයි

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු