මුදල් අමාත්යංශෙයි මහ බැංකුවයි බුදි - පුලුවන්නම් කියයි රාජපක්ෂලාගේ හැකර්වරු කියලා - නාමල් ආණ්ඩුව ඉහේ ඉදන් පට්ට ගහයි
අද (5) රැස් වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් වර්තමාන රජය විසින් අනෙකුත් රජයන් බලයේ සිටියදී කල විවේචනයන් හුවා දැක්වීය.
එහිදී ඔහු විසින් වර්තමාන ආණ්ඩුව පෝට් සිටි නිර්මාණයට සූදානම් වන කාලයේදී පෝට් සිටිය නිර්මාණය කළහොත් ලංකාව චීනයේ කොලනියක් වන බවත් සීරිගිය කඩා පෝට් සිටිය නිර්මාණය කරන බවත් කල විවේචනයන් සිහිපත් කර දුන්නේය.
නමුත් වර්තමාන රජයට ඒ ආකාරයේ ව්‍යාපෘති ඇති කිරීමට කිසිදු දැනුමක් නොමැති බව විවේචන කල පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.
"මෙතුමන්ලා කිව්වා ළදරු කතා වල හැටියට පෝට් සිටි යන්න පාස්පෝර්ට් ඕන වෙයි කිව්වා.ආණ්ඩුවට හිතෙන වෙලාවට වාසි වෙලාවට ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා.මෙයාලට කවුද ආයෝජනය කරන්නේ? ගල්ෆ් ප්‍රශ්ණේ එක්ක එයාලා නව වෙළදස්ථාන හොයනවා.ආණ්ඩුව මේවා වටහාගෙනද ඉන්නේ? මැදපෙරදිග යුද්දේ එක්ක විකල්ප රටවල් හොයනවා.හැබැයි එයාලා හෞංඅ නිදහස පරිසරය විනිවිදයභාවය රටේ නෑ.අපි දකිනවා පෞද්ගලික බැංකුවකින් බිලියන 13කට වඩා හොරකම් වෙලා.රටේ පුරවැසියෙක් ලක්ෂ 10ක් දාන්න ප්‍රශ්ණ කියක් එයාගෙන් අහනවද? බිලියන ගාණක් අතුරුදහන් වෙන්න මුදල් අමාතයංශයේ මහ බැංකුව බුදි.හැබැයි ගමේ මනුස්සයෙක් ගියොත් ප්‍රශ්ණ කීයක් අහනවද? බිලියන 13ට මොකද වුණේ දන්නේ නෑ. දැන් ඔක්කොම හැකර් කියලනේ කියන්නේ. ආණ්ඩුවෙන් වැරැද්දක් වුනොත් හැකර් කියන්නේ.අදට කෝටි 80කට වැඩි ප්‍රමාණයක් වැරදි ගිණුමකට දාලා තියෙන්නේ.ඔහොම වැරදි වුණොත් හොදට මරුවට තියෙයි.රටම ඩිජිටල් කරන්න ආවේ.ගිණුම් අංකයක් මේල් එකක් බලලා හරියට ගහගන්න දන්නේ නෑ.මහ බැංකුව දැනුම් දෙන්න දෙන්න වැරදි ගිණුමකටම සල්ලි ගෙවනවා.දැන් කවුද වැරදි/පුලුවන්නම් කියයි රාජපක්ෂලාගේ හැකර්වරු කියලා"