"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා
ඉෂාර සෙව්වන්දිගේ දුරකථනය පරීක්ෂා කළ අයගෙන් මගේ නම කොහොමද සේව් කරන් ඉන්නේ කියලා අහන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.
ඉෂාර සෙව්වන්දිගේ දුරකථනයේ ඔබේ නම කොයි විදිහට සේව් වෙලා ඇතිද? යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස පළ කළේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉෂාර සෙව්වන්දිගේ දුරකථනය දැකීමට බොහෝ අය උනන්දුවෙන් සිටින බව පෙනෙන බව සහ ඇයගේ දුරකථනය පරීක්ෂා කළ අයගෙන් ඒ ගැන අහන්න, යැයි පිළිතුරු ලබා දී ඇත.
එවැනි අය පරීක්ෂා කර මගේ නම කොහොමද සේව් කරලා තියෙන්නේ කිව්වොත් හොඳයි" යැයි ඔහු පවසා තිබේ. එහිදී "මගේ රාජපක්ෂ" ලෙස නමක් ඇයගේ දුරකතනයේ සුරැකී (සේව්) වී ඇති බව වාර්තා වෙනවා.ඒක ගැන මොකද කියන්නේ ? යයි මාධ්‍යවේදියා ප්‍රශ්ණ නගා ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු පැවසුවේ, “සමහර අය දැන් රාජපක්ෂ ගැන සිහින දකිනවා. ඒ පක්ෂයේ (NPP) නාමල් කෙනෙක් ඉන්නවා.ඒ එයාද දන්නෙත් නෑ. නාමල් කියන නම දකිද්දී මාව මතක් වෙන එකනම් සතුටක්.කාන්තාවන් තමන්ගේ පෙම්වතුන්ගේ නම් ඉස්සරහින් ‘මගේ’ කියලා සේව් කරගන්නවා. සමහර විට ඒක එහෙම දාපු නමක් වෙන්න පුළුවන්" යයි මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇත.