උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ රාජපක්ෂවරු උගන්ඩාවේ සඟවා ඇති බව කියන මුදල් යළි ගෙන්වීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තමන්ගේ පරම්පාවේම මෙන්ම පක්ෂයද සූදානම් බවයි.
ඒ මහතා කියා සිටියේ කවුරු හෝ උගන්ඩාවේ සිටින කෙනෙක් කියනවා නම් අපි සල්ලි එහි සඟවා ඇති බව කියන එම මුදල් මෙරටට ගෙන්වා විදේශ රටවල ණය ගෙවා දැමීමට හැකියාව ඇති බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ උගන්ඩාවේ මෙන්ම සිෂෙල් වලට ගුවන් යානා මගින් මෙරටින් ගෙන ගිය මුදල් යළි මෙරටට ගෙන්වීමට හැකියාව මේ ආණ්ඩුවට ශක්තිය ලැබේවායි තමා ප්‍රර්ථනා කරන බවයි.
