ඡන්ද උණුසුම මැද, නාමල් මේ මොකක්ද කරන්න යන්නේ?.
අද (10) පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාව පවත්වා ඇත්තේ එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේ දී ය.
එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී ඇත.
එහිදී වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ ය.