පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න.. | Passport In Sri Lanka

ඒ ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බවයි.

දින 10කට භාවිතා කරන්න බෑ.. තහනම්.. ගත්ත දැඩි තීරණයක් මෙන්න..

දින 10කට භාවිතා කරන්න බෑ.. තහනම්.. ගත්ත දැඩි තීරණයක් මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ය.

ඒ අනුව ඔහු පැවසුවේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බව ය.

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා.

මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා. ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා.

මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න. ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ.

අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න. අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත් 1,000ක් වෙනකල් හදිසියේ එන ඒවට ඉඩ තියලා තියෙනවා. මෙතෙක් නිකුත් කළ ගුවන්ගමන් බලපත්‍රවලින් 23%යි භාවිත කරලා තියෙන්නේ.

අනෙක් පාස්පෝට් ගත්තට පාවිච්චි කරලා නැහැ. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ගන්න.

එහෙම නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසයේ ලැබෙනවා.

අපි ටෙන්ඩරය කැඳවූවේ E - PASSPORT එකට. පරණ පොතට ඩොලර් 5.89ක් ගෙව්වා. අලුත් ගුවන්ගමන් බලපත්‍රය අපිට වෙන්නේ ඩොලර් 5.5යි.."