"..වචනයක් අහන්න දෙන්න බෑ." - නාමල්ගේ විදුලි බිල ගැන සනත් නිශාන්ත තීරණයක් ගනී.. වහාම විදුලිබල මණ්ඩලයට ගිහින් සිදුකළ දේ..

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board
By krishani Oct 02, 2023 03:43 PM GMT
krishani

krishani

Report

පසුගිය දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තංගල්ලේ පැවති විවාහ උත්සවය වෙනුවෙන් වැය වූ විදුලි බිල ගැන දැඩි කතාබහට ලක් විය.

එලෙස විදුලිය ලබාගැනීම සඳහා වැය වූ බවට සඳහන් වූයේ රුපියල් ලක්ෂ 26ක හිඟ බිල්පතක් ය.

ඒ වෙනුවෙන් විවිධ පාර්ශවයන් අතර පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති විය.

කෙසේ වෙතත්, අද (02) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් එම රුපියල් ලක්ෂ 26ක හිඟ විදුලි බිල්පත ගෙවා දමනු ලැබීය.

එහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ, විවාහය සිදුවන අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු පමණක් බවත්, එවිට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත්, ආරක්ෂක අංශ විසින් ආරක්ෂක විදුලි පහන් අවශ්‍ය බවට කළ ඉල්ලීමකට අනුව මෙම විදුලි පහන් සවි කොට ඇති බවත් ය.

ReeCha