මේ ආණ්ඩුව පෙරලනවාමයි - වේදිකාව හොල්ලපු නාමල්ගේ ගිනි විසිවෙන කතාව මෙන්න
විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ''මහා ජන හඬ'' මහ රැළිය අද දින (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්විණි.
රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර ජනතාව මහත් හරසරකින් ඔහුව පිළිගෙන ඇත.
එහි කාලගුණ තත්ත්වය තරමක් නරක අතර හැරුනද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුගේ කතාව සාර්ථකව අවසන් කර ඇත.
එහිදී ඔහු රැලිය අමතමින් පවසා සිටියේ ,
"අපේ හාමුදුරුවනේ සමහරු අපෙන් අහනවා චන්දයක් නැතුව ඇයි එකතු වෙන්නේ කියලා. ආණ්ඩුවත් අහනවා.අපි කියනවා පෞද්ගලික අරමුණු වලට නෙමෙයි අපි නියෝජනය කරන කදවුරු හා රටේ ජනතාවගේ අවශ්‍යතා ඉශ්ට කරන්න අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සූදානම් කියනවා.අද නුගේගොඩට ලක්ශ සංඛ්‍යාත ජනතාවක් එක්වෙලා ඉන්නේ අන්න ඒ පණිවිඩය ලබා දෙන්නයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. ආණ්ඩුව අසීමිත බොරු කිව්වා.IMF එක ආපු ගමන් එලවනවා කිව්වා.ආපු ගමන් IMF එක බදාගත්තා.අද අසීමිත බදු බරක්.මහා පරිමාණෙ ව්‍යාපාරිකයන්ට තමන්ගේ මිත්‍රයන්ට බදු සහන, ගමේ අම්මා තාත්තට කුඩා ව්‍යාපාරිකයට ආණ්ඩුව අසීමිත බදු බරක් ගහනවා. ඒ වගේ ආණ්ඩුවකට දේශපාලන සමයේ දුන්න පොරොන්දු පැත්තකට දාලා අසීමිත බදු බරක ජනතාවට ගැහුවා.
රැකියා උත්පාදනය කරනවයි කියලා බලයට ආපු ආණ්ඩුව දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා.අධ්‍යාපනය කඩාකප්පල් කරන ආණ්ඩුව තරුණයාගෙ රැකියා ප්‍රශ්නේ අමතක කරලා.ඒක මතක් කරලා දෙන්න විපක්ෂයේ අපිට වගකීමක් තියෙනවා.කරුණාකරලා පච ගහන එක නවත්තලා ආණ්ඩුව වැඩ කරන්න. ඒ වගේම තමන්ගේ දේශපාලන උවමනාවට රාජ්‍ය සේවට හසුරවන්න උත්සහ කරනවා. අවංක දක්ශ සේවකයෝ භාවිතා කරගන්න හදනවා.ඒ වගේම අධිකරණ පද්ධතියට ආණ්ඩුව බලපෑම් කරනවා. ඒ වගේම මේ රටේ ආණ්ඩුවට අසීමිතව කඩේ යන රාජ්‍ය සේකයන්ට කියනවා අපි ඒ ප්‍රශ්ණෙ ආණ්ඩුවත් එක්ක විසදගන්නම්.ඒක නිසා ජනාධිපතිතුමනි ඔබට ඔබේ දේශපාලන වැඩවලට මේ රටේ පොලිසිය ආණ්ඩුව රාජ්‍ය සේවකයා පටල ගන්න එපා.ඒ කාලෙනම් ගොවි මහත්තුරු වෙනුවෙන් මෙයාලා අමුඩෙ ගහන් කුඹුරට බැස්සේ. එදා අමුඩෙ ගහන් බැස්ස නායකයෝ අද ටයි කෝට් ඇදන් කොලඹට වෙලා ඉන්නවා.
ගොවියගෙ වී ටික විකුණගන්න විදිහක් නෑ.අල ගොවියෝ ලූණු ගොවියෝ තක්කාලි ගොවියෝ වට්ටක්කා ගොවියෝ අසරණයි.එලවලු ගොවියො අසරණයි.ආණ්ඩුවෙන් පොහොර සහනාධාර ඉල්ලුවම මොක්කද කියන්නේ.ගිහිල්ලා පොහොර ගහගන්න පස්සෙ දෙන්නම් කියනවා.ඕක ආණ්ඩුවෙන් අහගන්න ඕනෙද.වී මිලට එලවලු මිලට පලතුරු මිලට බුලත් මිලත් එකතු කරන්න ඕනෙද අපෙන් අහනවා.ඔව්. රටේ ගොවියගේ ආර්තිකේ ශක්තිමත් කරන්න ඕනේ.රටේ වගා කරනවට වඩා පිටරටින් ගෙනල්ලා කන්න දෙන එක ලාබයි කියන ආණ්ඩුවක් අද ඉන්නෙ.ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ගොවියට අත තියන්න ලෑස්ති වෙන්න එපා.ගොවියා ආරක්ශා කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා.
ආවෙනම් හාල් මාෆියාව එක පෑන් පාරින් අයින් කරන්න.මොකද වුණෙ? හාල් මාෆියාව කෙසේ දවස් 12න් වෙතත් කැබ් 1700ක් නම් ගෙනාවා. අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවගේ බදු සල්ලි වලින් කැබ් ගේන්න නෙමේ මේ ආණ්ඩුව පත් කරේ.අද පොරොන්දු ඉශ්ට කරගන්න බැරි ආණ්ඩුව බය කරලා ඒ දේ කරන්න යනවා.වරායේ කන්ටෙයිනර් 320ක් පැන්නුවා.කුඩු අල්ලන්න එපා කියන්නේ නෑ.අල්ලන්න.වරාය පන්නපු කන්ටෙයිනර් වල කුඩුත් අල්ලන්න.ආණ්ඩුවෙන් පෝෂණය වෙන අපරාධකාරයෝ ආරක්ෂා කරන ගමන් විපක්ශෙට චෝදනා කරනවා.ඒ වගේම තමන්ගේ අය වැරදි කරලා අහු වෙද්දි ඒකල් මාද්‍යට දාන්න තහනම් කරලා නියෝග දානවා . ඒ වගේම ඒ අපරාධකරුවන් යොදාගෙන විපක්ය මර්දනය කරන්න හදනවා. ඒ වගේම රටට නොගැලපෙන ප්‍රතිපත්ති ගේනවා.රාජ්‍ය අනුග්‍රහය ඇතුව රටේ සංස්කෘතිය විනාශ කරන්න හදනවා.ඒක පෙන්නද්දි අපිට මඩ ගහනවා.අපි ආණ්ඩුවට අවසාන වශයෙන් කියන්නේ අපි ඔබට මතක් කරලා දෙන්නේ බොරුව නවත්තලා වැඩ කරන්න පටන් ගන්න ඒ වගේම නැවක් හදන්නේ නැංගුරම් දාලා තියාගන්න නෙමෙයි.මුහුදෙ යන්න.කුණාටු වලට සුලිසුලං වලට අහු වෙනවා අභියෝග වලට මුහුණ දෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි අපි මේ ජන බලය ජන මතය ගොඩනගන්නේ ආණ්ඩුව පෙරලන්නයි කියන එක මතක තියාගන්න" ලෙසයි.