‘ක්‍රිෂ්’ අල්ලස් නඩුවේ 4 වැනි විත්තිකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කෙරෙයි- අල්ලස් කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්

Report

 ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක සිව්වන විත්තිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇති බව වාර්තා වනවා.

ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ සමාගම සම්බන්ධයෙන් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ගනුදෙනු පිළිබඳ චෝදනා මත අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සහ අධිකරණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, මීට පෙර අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙනවා.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි