අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ බ්‍රසීල තානාපතිවරයා අතර හමුවක්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති ජෝර්ජ් ජෙරල්ඩෝ කාඩ්රි මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (28) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කරයි.
විශේෂයෙන්ම ව්‍යාපාරික හා අපනයන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය, යහපාලනය තහවුරු කිරීම සහ පොදු ගැටලු සඳහා ද්විපාර්ශ්විකව විසඳුම් සෙවීම පිළිබඳව බ්‍රසීල තානාපතිවරයා මෙහිදී අදහස් පළ කළේය.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ සාම්ප්‍රදායික නඩු ගොනු වෙනුවට නවීන, කාර්යක්ෂම සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පද්ධතියක් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කළේය.
මීට අමතරව, මෙරට ක්‍රියාත්මක වන නව නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද දෙපාර්ශ්වය අතර පුළුල් ලෙස අදහස් හුවමාරු විය.