දිවයින පුරා පොලීසිය විසින් දැවැන්ත මෙහෙයුමක් - සැකකරුවන් 463 දෙනෙකු අත්අඩංගුවට

Report

දිවයින පුරා පොලීසිය විසින් ඊයේ (27) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 26,606 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ චෝදනා සහ වරෙන්තු මත සැකකරුවන් 463 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 12 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 360 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 165 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අයට අද නොමිලේ එන්නත්කරණ වැඩසටහනක්

මේ අයට අද නොමිලේ එන්නත්කරණ වැඩසටහනක්

මීට අමතරව, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ පරීක්ෂාවලදී බීමත්ව රථවාහන පදවන ලද රියදුරන් 324 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 119 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා තිබේ.