බිලියන 3.4කට වැඩි මුදලක් වෙන් කරමින් මේ දීමනාව බැංකුවලට ලබා දීමට පියවර

Report

බිලියන 3.4කට වැඩි මුදලක් වෙන් කෙරෙයි 2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව එළඹෙන ඔක්තෝබර් මස 01 වනදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ අදියර දෙකක් ඔස්සේ අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 695,818 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,479.07ක සමස්ත මුදලක් වෙන් කර තිබේ.

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

එහි පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් ද වෙන් කර ඇත.

අදාළ සියලුම ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් මස 01 වනදා සිට තමන්ගේ අස්වැසුම බැංකු ගිණුම් හරහා අදාළ දීමනාව ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔක්තෝබර් මාසයේ රාජ්‍ය නිළධාරීන් 1,650කට පත්වීම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඔක්තෝබර් මාසයේ රාජ්‍ය නිළධාරීන් 1,650කට පත්වීම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්