ක්‍රිකට් දෙවියන් සචින් තෙන්ඩුල්කාර් OpenAI සහ ChatGPT සමඟ අලුත් ගමනක- විශේෂ හවුල්කාරීත්වය ගැන හෙළි කරයි
ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් OpenAI සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇති බව නිවේදනය කර තිබෙනවා.
තමන් ChatGPT භාවිත කරන ආකාරය පිළිබඳව තවදුරටත් ගවේෂණය කිරීමටත්, එහිදී තමන්ට ප්‍රයෝජනවත් වූ අත්දැකීම් අනෙකුත් පුද්ගලයින් සමඟ බෙදා ගැනීමටත් බලාපොරොත්තු වන බව තෙන්ඩුල්කාර් සඳහන් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ChatGPT තම කුතුහලය තවදුරටත් වර්ධනය කිරීමට උපකාර වූ බවත්, පවුලේ සංචාරයක් සැලසුම් කිරීම වැනි දෛනික කටයුතු සඳහාද එය භාවිත කළ බවයි.
ChatGPT සමඟ කළ හැකි තවත් දේ සොයා බැලීමටත්, තමන්ට ප්‍රයෝජනවත් වූ දේ බෙදා ගැනීමටත්, තමන්ට වැදගත් කාර්යයන් සඳහා ChatGPT අත්හදා බැලීමට අනෙකුත් පුද්ගලයින් දිරිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම හවුල්කාරීත්වය යටතේ ඉදිරියේදී “රසවත් දේවල් කිහිපයක්” සිදුකිරීමට සැලසුම් කර ඇති බවද තෙන්ඩුල්කාර් පවසා ඇති නමුත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔහු හෙළි කර නැහැ.
මෙම හවුල්කාරිත්වය හරහා තමන් සොයා ගන්නා ChatGPT හි ප්‍රායෝගික භාවිතයන් අනෙකුත් පුද්ගලයින් සමඟ බෙදා ගැනීමට තමා අපේක්ෂා කරන බව සචින් තෙන්ඩුල්කාර් පවසනවා.
ChatGPT සමඟ තමන්ට කළ හැකි තවත් දේ ගවේෂණය කිරීම, ප්‍රයෝජනවත් බව හැඟෙන භාවිතයන් බෙදා ගැනීම සහ තමන්ට වැදගත් කරුණක් හෝ අවශ්‍යතාවක් සමඟ ChatGPT අත්හදා බැලීමට අනෙකුත් පුද්ගලයින් දිරිමත් කිරීම මෙම හවුල්කාරිත්වයේ අරමුණ බව ඔහු සඳහන් කළා.
තමන්ට ඇති ප්‍රශ්නයක්, අදහසක් හෝ දිගු කලක් තිස්සේ ගවේෂණය කිරීමට අවශ්‍ය වූ කරුණක් සමඟ ආරම්භ කළ හැකි බවද තෙන්ඩුල්කාර් පෙන්වා දුන්නා.
I’m excited to announce my partnership with OpenAI. We have some interesting things coming up, and I can’t wait to share them with you. I’ve always been curious... One question usually leads to another, and ChatGPT has certainly encouraged that habit. But it has also proved useful when I’ve needed to get things done, like planning my last trip with the family. That’s what I’m looking forward to with this partnership. Discovering what else I can do with ChatGPT, sharing what I find useful, and encouraging more people to give it a try with something they care about. A question, an idea, something you’ve always wanted to explore. There are so many places to start. Looking forward to exploring together. #Partnership
— Sachin Tendulkar (@sachin_rt) September 28, 2026