“ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා සුන්බුන් අතරින් දිවි බේරාගත් බව කියයි” - මොජ්ටබා ඇමෙරිකානු ප්‍රහාර දෙකකින් බේරුණාද?

Report

 රෝහලේ සුන්බුන් අතරින් ගොඩගත් බව කියයි ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා ඛමේනි පෙබරවාරි මාසයේදී එල්ල වූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අවස්ථා දෙකකදී දිවි බේරාගෙන ඇති බවට ඉරාන ආගමික නායකයකු ප්‍රකාශ කර තිබේ.

ඉරාන විශේෂඥ මණ්ඩලයේ සාමාජික අයතුල්ලා මොහ්සෙන් හෙයිදාරි ඇලෙකාසීර්, කටාර්හි Al Araby රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ඔහුට අනුව, පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබීමෙන් පසු මොජ්ටබා ඛමේනි ටෙහෙරාන් නුවර රෝහලකට ඇතුළත් කර තිබේ. එම ප්‍රහාරවලින් එවකට ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි ඛමේනි මියගිය අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ද මියගිය බව වාර්තා විය.

හෙයිදාරි පවසන්නේ, මොජ්ටබා ප්‍රතිකාර ලබමින් සිටි රෝහල ඇතුළු ටෙහෙරාන් නුවර රෝහල් තුනක් පසුව ප්‍රහාරවලට ලක් වූ බවයි. ඔහු සඳහන් කර ඇත්තේ මොජ්ටබා සිටියේ එම රෝහල් තුනෙන් තෙවැනි රෝහලේ බවත්, එයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔහු සුන්බුන් අතරින් බේරාගත් බවත්ය.

එම සිදුවීමෙන් පසු 56 හැවිරිදි මොජ්ටබා ඛමේනි රහසිගත ස්ථානයකට රැගෙන ගිය බවත්, එතැන් සිට ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බවත් වාර්තා වේ.

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි

කෙසේ වෙතත්, මොජ්ටබා ඛමේනි රෝහලේ සුන්බුන් අතරින් බේරාගත් බවට වූ මෙම ප්‍රකාශය ස්වාධීනව තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ සිටින ස්ථානය සම්බන්ධයෙන් ද විවිධ ප්‍රකාශ පවතී. හෙයිදාරි තවදුරටත් පවසා ඇත්තේ, මොජ්ටබා තමන් ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරාගෙන ඇති බව දැන සිටියේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ එම නිවේදනය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී බවයි.

මොජ්ටබා ඛමේනි මාර්තු 8 වැනිදා ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරාගෙන ඇති අතර, එම තේරීම සඳහා ඡන්ද 59කින් 50ක් ඔහුට හිමිවූ බවද වාර්තා වේ.

මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියාන් මෑතකදී මොජ්ටබා ඛමේනි සම්පූර්ණයෙන්ම සුවයෙන් සිටින බව ප්‍රකාශ කර ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරස්පර වාර්තා පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදයි

ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදයි