ට්‍රම්ප් සාකච්ඡා ඉල්ලුවත් ඉරානයෙන් තද උත්තරයක් - "එක්සත් ජනපදය එක්ක කිසිම සාකච්ඡාවකට සැලැස්මක් නෑ"

Report

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළද, එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට නිව්යෝර්ක් නුවර සිටින ඉරාන එක්සත් ජාතීන්ගේ දූත පිරිසට කිසිදු සැලැස්මක් නොමැති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

නිල  ඉරාන   ප්‍රවෘත්ති ඒජන්සිය, ඉරාන දූත පිරිසට සමීප නිර්නාමික මූලාශ්‍රයක් උපුටා දක්වමින් සඳහන් කළේ, “නිව්යෝර්ක් හි සිටින ඉරාන දූත පිරිසට එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට කිසිදු සැලැස්මක් නොමැති” බවයි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය දින හතක් ඇතුළත නැවත විවෘත කිරීම සඳහා ටෙහෙරානය ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කර දිනකට පසු, ඉරිදා, සාකච්ඡා ඉක්මනින් යළි ආරම්භ වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනපති ට්‍රම්ප්  පවසා තිබුණි.

කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය හරහා ඉරානයේ අදහස් සහ ස්ථාවරයන් එක්සත් ජනපද පාර්ශ්වයට “පැහැදිලිව සහ නිශ්චිතව” දැනුම් දී ඇති බව ඉරානය වාර්තා කළේය. ඉරාන දූත පිරිස අඟහරුවාදා ටෙහෙරානය වෙත ආපසු පැමිණීමට නියමිත බවද එහි සඳහන් වි තිබේ යුද්ධය අවසන් කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා කොන්දේසි හතක් ඉරානය ඉදිරිපත් කර ඇති බව පවසයි.

යුද්ධයට පෙර ලෝකයේ තෙල් හා ගෑස් සැපයුමෙන් ආසන්න වශයෙන් 20%ක් ප්‍රවාහනය වූ මෙම උපායමාර්ගික ජල මාර්ගය, වත්මන් ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව, ටෙහෙරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය අවහිර කිරීමට පියවර ගත් බව වාර්තා විය.

ඊට ප්‍රතිචාර වශයෙන් වොෂින්ටනය ඉරාන වරායන්ට නාවික අවහිරයක් පැනවීය. එක්සත් ජනපද නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර පැවති සාකච්ඡාවලින් සතියකටත් අඩු කාලයකට පසුව, කටාර් මැදිහත්වීම යටතේ වක්‍ර සාකච්ඡා සඳුදා පැවැත්විය හැකි බව වාර්තා කර තිබේ

ලෙබනනය ඇතුළු මැද පෙරදිග කලාපය පුරා දින හතක සටන් විරාමයක් ඉරානය ඉල්ලා ඇති අතර, ලෙබනනයේ සිටින එහි මිත්‍ර පාක්ෂික හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව ඉරානය සදහන් කර ඇත.

මීට අමතරව, විදේශයන්හි ඇති ඉරාන වත්කම් මත පනවා ඇති සීමා ඉවත් කිරීම, ඉරානයේ තෙල් අංශයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ එක්සත් ජනපද නාවික අවහිරය අවසන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද ටෙහෙරානය ඉදිරිපත් කර තිබේ.

ජනපති ට්‍රම්ප් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, සැප්තැම්බර් 1 වැනිදා සිට එක්සත් ජනපදය ඉරානයට නව ප්‍රහාර එල්ල කර නොමැති බැවින්, ගැටුමේ තීව්‍රතාව යම් මට්ටමකට පහළ ගොස් තිබේ.

එසේ වුවද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තවදුරටත් අවදානම් සහ ආතතීන් පවතින බව වාර්තා වී ඇත.

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

මම ජනරජයේ ජනාධිපතිවරයාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වෙනවා.. සර්බියාවේ ජනප්‍රියවාදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මම ජනරජයේ ජනාධිපතිවරයාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වෙනවා.. සර්බියාවේ ජනප්‍රියවාදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර