විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව කැඳවීමට දිනදෙයි
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩුකරය ලබන ඔක්තෝබර් මස 12 වනදා නැවත කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සිරදඬුවම් නියම වී දැනට ඇප මත පසුවන ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියාය.
ඔක්තෝබර් මාසයේ රාජ්‍ය නිළධාරීන් 1,650කට පත්වීම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
තමන්ට නියම වූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ද තහවුරු කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව මෙහිදී අධිකරණයට දැනුම් දිණි.
අදාළ අභියාචනයට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය සටහන් ඉදිරිපත් කිරීමට කල් ලබාදෙමින් මහෙස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 12 වනදා තෙක් කල්තැබීමට නියෝග කළේය.