පන්නපු කන්ටේනර් ගැන තමන්ගෙන් ඇහුවට නාමල්ට යකා වැහෙයි - ආණ්ඩුවටම ලැජ්ජා හිතෙන අලුත් පනතක්
අද(05) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් පන්නපු කන්ටේනර් සම්බන්ධයෙන් තමන්ව කැඳවා ප්‍රශ්න කරන බවයි.
එබැවින් එය ඵල රහිත බව සඳහන් කළ ඔහු මේ සියල්ල දේශපාලන කුමණ්ත්‍රණ බව ද කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
නාමල්ව එක් කරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ පොඩි ආතල් එකක් අරන් තිබ්බනේ ලැජ්ජ නැද්ද ඕගොල්ලන්ට කෑමද කන්නේ බත් ද කන්නේ? - අර්ච්චුනාට මල පනී
"රෙඩ් කන්ටේනර්ස් එළියට දැම්මහම ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් ආණ්ඩුව දන්නවනේ. දැන් ඔබතුමාලා එහෙම තුන්සේ විසිතුනක් එළියට දාලා තියෙනවා. පරීක්ෂණත් නෑ. නෑ කියන්න බෑ. තව කුඩු තියන කන්ටේනර් දෙකකුත් ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා තියෙද්දී එළියට දාලා තියෙනවා. හැබැයි ඒවා ගැනත් ඔබතුමාලගේ පරීක්ෂණ නෑ හැබැයි අපිට එන්න කියලා ඒවා අහනවා. මෙයාලගෙ ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් ගැන අපිට එන්න කියලා අහල වැඩක් තියෙනවද? ඔයිට වඩා හොඳයි ඔබතුමන්ලා මුදල් විශුද්ධ කිරීමේ පනතයි පොදු දේපළ පනතා එකට එකතු කරලා 159 කුත් ඉන්න එකේ දේශපාලන පළිගැනීම් කියල අලුත් පනතකුත් හදාගත්තනම්. එහෙමනම් අපේ පාර්ලිමේන්තුවේ හිටපු ලේකම්තුමා ඇතුළේ ඔක්කොම ඔය පනතින් ගෙනියන්න පුළුවන්. එතකොට කථානායකතුමා අමාරුව වැටෙන්නෙත් නෑ." යනුවෙන්.