නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී පාද වන්දනාවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නියෝජිත පිරිසක් ශ්‍රී පාදය වන්දනා කිරීමට එක්වියහ.
නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මෙම පිරිස හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදයට ගමන් කර, උඩ මළුවේ පැවති අලුයම පූජාවට ද සහභාගි වී ආශිර්වාද ලබා ගත්හ.
මෙම වන්දනා ගමනට නාමල් රාජපක්ෂ මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු පුද්ගලයින් 25 දෙනෙක් එක්ව සිටියහ.