ක්‍රිෂ් සහ එයාර් බස් ගනුදෙනු දෙකේ තොණ්ඩු දෙක එකටම නාමල්ගේ බෙල්ලට - රටම බලන් ඉන්න නඩු දෙකකටම නාමල් අද උසාවියට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ක්‍රිෂ් ගනුදෙනුව සහ එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩු දෙකකට අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ දින නියෝග කළේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය, ක්‍රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (29) කැදවන ලෙසයි.
එසේම ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ පැමිණිල්ල එළඹෙන මස 06 වන දින කැදවීමට අධිකරණය මීට පෙර දින නියම කර තිබූ අතර අල්ලස් කොමිසම ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබුණා.
අපි එකිනෙකා මරාගත යුතු නෑ රනිල් මහතාත් ඉතාම සුහදව කතාබහ කළා.. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ශක්තිමත් ගැහැනියක් - කළණ විවාහයෙන් පසු කට අරී
මේ අතර අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ එයාර් බස් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුවේ සැකකරුවෙකු වශයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රජජපක්ෂ අද එම නඩුවට ද විවෘත අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
තවද ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුව ලබන මස 06 වන දින කැදවීමට නියමිතව ඇති බව දැන්වූ ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ නාමල් රජපක්ෂ අද දින අධිකරණයට ඉදිරිපත් කරන බැවින් ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුව අද දිනයේ කැදවීමට දින නියම කරන ලෙසයි.