අපි එකිනෙකා මරාගත යුතු නෑ රනිල් මහතාත් ඉතාම සුහදව කතාබහ කළා.. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ශක්තිමත් ගැහැනියක් - කළණ විවාහයෙන් පසු කට අරී

Report

මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් විදිහට ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකරගේ විවාහය හඳුන්වන්න පුළුවන්.

ඒ නිසාම තම විවාහය මුල්කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන දේශපාලනික හා පෞද්ගලික විවේචන සම්බන්ධයෙන් කලණ ගුණසේකර අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් පළ කරලා තිබුණා.

එහිදී ඔහු ගායන ශිල්පිනී රුචිනි විජේසුන්දර සමඟ යුගදිවියට එළඹීමත් සමඟ, කලණ ගුණසේකර ‘ධනවාදී හෝ ප්‍රභූ පවුලක් සමඟ සම්බන්ධ වෙමින් අරගලය පාවා දුන්නේ යැයි’ ඇතැම් පාර්ශ්ව නඟන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කළා.

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

ඒවගේම ඔහු පැවසුවේ මිනිසුන් විවාහ වන්නේ දේශපාලන න්‍යායපත්‍ර මත නොව දෙදෙනෙකු අතර ඇතිවන ආදරය සහ අවබෝධය මත බවයි.

"දැන් සමාජයේ ප්‍රභූ පන්තියක් හෝ රදල පන්තියක් කියලා එකක් නෑ. ඒ මතවාද අද වන විට අවසන්. රුචිනිගේ පවුලේ ඉන්නේ ඉතාමත් සරල, සුහදශීලී සුන්දර මිනිස්සු. ඇත්ත නොදැන පිටත සිටින මිනිසුන් තමයි විවිධ ලේබල් අලවමින් මේ ප්‍රශ්න මවාගන්නේ,"

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම මංගල උත්සවයට සහභාගී වීම පිළිබඳව මතුවූ ආන්දෝලනයට පිළිතුරු දෙමින් කලණ සඳහන් කළේ, එතුමා පැමිණියේ දේශපාලන චරිතයක් ලෙස නොව රුචිනිගේ ඥාතියෙකු ලෙස බවයි.

ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ

ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ

"දේශපාලන මතවාද කුමක් වුවත්, එකම මේසයක වාඩිවී සුහදව කතාබහ කිරීමට තරම් මානසික සංවරයක් සහ දියුණු දේශපාලන සංස්කෘතියක් සමාජය තුළ තිබිය යුතුයි. අපි එකිනෙකා මරාගත යුතු නෑ. රනිල් වික්‍රමසිංහ මහතාත් අප සමඟ ඉතාම සුහදව කතාබහ කළා. මගේ මංගල්‍යයේදී කිසිදු දේශපාලනඥයෙකු සාක්ෂියට අත්සන් තැබුවේ නැහැ. අත්සන් කළේ අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ලක්ෂ්මන් මෙන්ඩිස් සහ එඩ්වඩ් ජයකොඩි යන කලාකරුවන් දෙපළයි."

මේ අතර විවාහයෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල රුචිනි විජේසුන්දරගේ ශරීර ස්වභාවය ඉලක්ක කර ගනිමින් සිදුවූ ‘Body Shaming’ සහ සයිබර් ප්‍රහාර පිළිබඳව ද කලණ දැඩි අප්‍රසාදය පළ කළ සිටියේ මෙලෙසින්,

අද මේ ලග්න හිමියන් ඉතා ප්‍රවේශම් වන්න - හේතුවක් නොමැතිව සිතේ නිරර්ථක බියක් හෝ දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි දිනයක්

අද මේ ලග්න හිමියන් ඉතා ප්‍රවේශම් වන්න - හේතුවක් නොමැතිව සිතේ නිරර්ථක බියක් හෝ දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි දිනයක්

"තවත් කෙනෙකුගේ රූපය හෝ හැඩය විවේචනය කරමින් නින්දිත වචන භාවිත කරන මිනිසුන් පෙන්වන්නේ තමන්ගේම හදවතේ ඇති අවලස්සනකමයි. කාන්තාවකට එවැනි ප්‍රහාර එල්ල කරන විට, ඇය වෙනුවෙන් පෙනී සිටි විශාල පිරිසක් සමාජයේ සිටීම ගැන මම සතුටු වෙනවා. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ආදරණීය වගේම ශක්තිමත් ගැහැනියක්,"

තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආකාරයේ මන්දිර හෝ අතිවිශාල දෑවැද්දක් තමන්ට ලැබී නොමැති බවත්, තමන් දෙදෙනා සාමාන්‍ය පරිදි කුලී නිවසක ජීවත් වෙමින් ඉදිරි කලා කටයුතු වෙනුවෙන් කැපවී සිටින බවත් ය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්