දේශබන්දු ඉක්මනින් අල්ලනවා.. CID එක ෆේල් - දේශබන්දුව ළඟ තියාගෙන ඉන්න අයට වෙනදේ! (VIDEO)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පමණක් නොව, මේ වන විට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්, මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගන්නේ රජය සමඟ යම් ගනුදෙනුවක් ඇති නිසාද යන්නයි.
එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය;
“දේශබන්දු තෙන්නකෝන් විතරක් නෙවෙයි, තවත් සැකකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අයව අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවලා තියෙනවා.

මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා.. ඒක ලේසි නෑ. පාස්කු ප‍්‍රහාරයට හදිස්සියේම යුක්තිය ඉටු කරන්න බෑ - රජය කියයි
ඔබ අපට චෝදනා කරනවා නේද, ප්‍රසන්න රණවීර සමඟ යම් ගනුදෙනුවක් තියෙනවා කියලා. අපි ඔහුවත් සොයනවා. සෙව්වන්දිවත් සොයනවා. තවත් ඔබ නොදන්න නම් කිහිපයක් ගැනත් සොයනවා. පොලිස් කණ්ඩායම් ඒ සඳහා යොදවලා තියෙනවා. ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් 13 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඉවරයි. නඩු පැවරීමත් ආරම්භ කරනවා. ඒ අතරේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ බන්ධනාගාර ජේලර් කෙනෙක් ද ඉන්නවා.
මේ පරීක්ෂණ ඉදිරියට යද්දී, රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින නිලධාරීන් ද අත්අඩංගුවට ගන්නා තැනට විහිදිලා තියෙනවා.
පොලීසිය උපරිම විදිහට වැඩ කරනවා කියන්න පුළුවන්. ඒ නිසා කිසිවෙකුට ගැලවෙන්න බැහැ. අපි නොදන්න, පොලීසිය නොදන්න යම් තොරතුරක් ඔබ දන්නවා නම්, ඒවා ඉදිරිපත් කරන එක තමයි හොඳ. නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන බවට අපි සහතික වෙනවා.”
