තවත් ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක් අත්අඩංගුවට...
Police spokesman
Election Commission of Sri Lanka
Election
Local government Election
Sinhala news
By Hashini
පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ (02) පෙරවරු 6 සිට අද (03) පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් ඇතුළු පැමිණිලි සම්බන්ධයෙනි.
ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 08ක් සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධ පැමිණිලි 27ක් ලැබී තිබෙනවා.
එම පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 05 දෙනෙකු සහ දේශපාලන පක්ෂ ආධාරකරුවන් 22ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පොලීසිය විසින් අපේක්ෂකයින් 43 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 233ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.
පොලිස් මූලස්ථානය පවසන්නේ පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 524ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
