ලබන මස විදුලි බිල වැඩි වන ලකුණු

Anura Kumara Dissanayaka Sri Lanka Electricity Prices Sinhala news
By Hashini May 03, 2025 04:52 AM GMT
Hashini

Hashini

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බවයි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවයි.

වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත්, ඒ අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්. 

ප්‍රබල පාතාල නායකයෙක් හෙට ලංකාවට රැගෙන එයි..

ප්‍රබල පාතාල නායකයෙක් හෙට ලංකාවට රැගෙන එයි..

ReeCha