මහින්ද හැදු පාරේ යන ජවිපෙ ගැන නාමල්ගේ සතුට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි රටකට විදේශ ආයෝජකයින් නොපැමිණෙන බවයි.
ඊයේ (02) නාවලපිටිය නගරයේ පැවතී නාවලපිටිය සහ ගම්පොළ යන ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති රැස්වීමකදී ඔහු මේබව පැවසුවා.
අධිවේගී මාර්ග හදනකොට අපිට බැනපු ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 01 වනදා පැවැති මැයි දින රැලියට ජනතාව කොළඹට ගෙන ආවේ එම අධිවේගී මාර්ගයේ බවද ඔහු පැවසුවා.
නාමල් රාජපක්‍ෂ එහිදී අදහස් දක්වමින් කියා සිටියේ එසේ පැමිණි ආධාරකරුවන් අධිවේගී මාර්ගයේ වාහන නතර කර ආහාර ලබාගෙන ඇති බවත්, අපට බැනලා හරි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් එම මාර්ග භාවිත කිරීම සතුටට කරුණක් බවයි.
විශ්ව විද්‍යාල වල සිටින ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරකයින් , විශ්ව විද්‍යාල වල නවක වාදය නතර කිරීමට පියවර ගත යුතු බවත් , එය නතර කිරීමෙන් පසු රටේ අධ්‍යාපනය ඉහළ දැමීමට හැකි බවත් , පක්ෂය තුල තිබෙන එම ප්‍රශ්නය විසඳා ගැනීමෙන් අනතුරුව රටේ ප්‍රශ්න විසදිය හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
රැස්වීම ආරම්භයේදී පසුගියදා නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි තැබීමෙන් මිය ගිය දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීමද විශේෂත්වයක්.
