අසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව නැවත පත් කරනවා ,නාමල් කියයි (update )

Mahinda Rajapaksa Namal Rajapaksa May Day Sri Lanka Podujana Peramuna Sinhala news
By Hashan May 01, 2025 10:19 AM GMT
Hashan

Hashan

Report

නාමල් රාපක්ෂ මහතා පොදු ජන රැළිය අමතමින් සදහන් කර සිටියේ අසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව නැවත පත් කරන බවයි . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීම නිසා අනුර කුමාර ජනාධිපතිවරයා අද ජන රැස්වීම් පවත්වන බව නාමල් රාපක්ෂ මහතා පවසා සිටියා .

අසීමිත බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත් වී තිබෙන බව පවසා සිටි ඔහු වත්මන් ආණ්ඩුවට මතක් කර සිටියේ ජනතාවට ලබා දුන් බලාපොරොතු ඉටු කරන ලෙසයි.වර්තමාන රජය ගල් අගුරු හා ඩිසල් මාෆියාවක් නිර්මාණය කරමින් ජනතාව පිඩාවට පත් කරන්නට උත්සාහ ගනිමින් සිටින බව අවධාරණය කර සිටියා.

අසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව නැවත පත් කරනවා ,නාමල් කියයි (update ) | Podujana Peramuna May Day Raliya

ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කරන බව ද නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා. 

තරුණ නායකයන්ගේ උපදෙස් මත අලුත් පරම්පරාවට අවස්ථාව ලබා දෙමින් ඊට ගැලපෙන දේශපාලන පක්ෂයක් ගොඩ නගන බවටද ඔහු අදහස් දක්වූවා.   

වර්තමාන රජය තම පක්ෂයට බිය උවත් ශ්‍රී ලංකා පොදුජය පෙරමුණ කිසිදා බිය නොවන බව පවසා සිටි නාමල් රාජපක්ෂ මහතා තම පක්ෂය ප්‍රතිපත්ති යටතේ කටයුතු කරන පක්ෂයක් බව මතක් කර සිටියා.   

අවසන් වශයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ නව අදහස් හා තරුණ ජවයත් සමග ඉදිරියට යන්නට පොදු ජන පෙරමුණ සමග එකතු වන ලෙසයි .

-------------------------------------------------------

තරුණ ජවයෙන් ඉදිරියට (6.36 PM)

වත්මන් ආණ්ඩුව භාණ්ඩ මිල අඩු කරන බව ප්‍රකාශ කළ ද බලයට පැමිණීමෙන් පසු සියල්ල අමතක කර ඇත .ඒ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැළියට සහභගී වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

කිසිදු පළපුරුද්දක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ජනතාව තවමත් මුලා කරමින් කටයුතු කරන බව හිටපු අමාත්‍යවරයා සදහන් කර සිටියා.   වැඩි දුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මුළු ස්භාවධර්මයම ජනතා විමුක්ති පෙරමුණ අණ්ඩුවට විරුද්ධ බවයි .

අලුත් ලෝකයට ඔබින ආකාරයට නාමල් රාජපක්ෂ සියලු අතින් පොහොසත් බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටියා. 

 කෙසේ නමුත් ජනතාව මේ වන විට සියලු සත්‍ය තේරුම් ගෙන සිටින බවත් ඔහු සදහන් කර සිටියා. නව තරුණ නායකයන් යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බලවත්ම දේශපාලන පක්ෂය බවට පත් කිරිමට එකතු වන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනතාවට ආරාධනා කළා.

-----------------------------------------------

රාවණා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ජන රැළිය අමතයි (5.45 PM)

දළදා ප්‍රදර්ශනය පැවැත්වීමේදී වත්මන් ආණ්ඩුව කටයුතු කළ ආකාරය සම්පුර්ණයෙන්ම අසාර්ථක බව සද්ධාතිස්ස හිමියන් පවසයි .

එළඹෙන මැතිවරණයේදී මෙරට දිනන පක්ෂය හැටියට පොදුජන පෙරමුණ පෙන්වන බව පවසා සිටි උන් වහන්සේ, නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ මහතා 2029 දී මෙරට ජනාදිපතිවරයා බවට පත් කරන බව පවසයි.

පොහොර මිල වැඩි කරමින් රටේ සියලුම ගොවියන්ගේ විශ්වාසය කඩ කළ බව පැවසූ උන් වහන්සේ පෙන්වා දී සිටියේ නැවතත් ජනතාව එවැනි මුසාවන්ට නොරැවටෙන බවයි .

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරිමට සංවිධනය වූ ජන අරගලය සදහා ජනතා විමුක්ති පෙරමුණ වග කිය යුතු බවත් උන් වහන්සේ ජන රැලිය අමතා ප්‍රකාශ කර සිටියා .

-----------------------------------------------

නාමල් ජන රැළියට එක් වෙයි (4.56 PM)

පොදුජන පෙරමුණේ මැයි රැළිය සදහා නාමල් රාජපක්ෂ මහතා පැමිණෙයි.පැමිණ සිටි ජනතාවගේ මහත් ජය ඝෝෂා මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළි වේදිකාවට ගොඩ වූ නාමල් රාජපක්ෂ මහතා ජනතාව වෙත සිය ආචාරය එකතු කර සිටියා .

---------------------------------------------------- -

සවින්ද්‍යා එදිරිමාන්‍ය ජන රැළිය අමතයි (4.15 PM)

ජනතා රැළියේ දී තරුණ ප්‍රජාව වෙන්නුවෙන් අදහස් ඉදිරිපත් කළ සවින්ද්‍යා එදිරිමාන්‍ය සදහන් කළේ මාලිමා ආන්ඩුවේ මුලාවන්ට ජනතාව තවමත් රැවටී ඇති බවයි .

දියුණු රටක් නිර්මාණය කරන බව පැවසූ ආණ්ඩුවට අද ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නට බැරි මට්ටමකට පත් වී ඇති බව ඇය පවසා සිටියා. ඇය විමසා සිටියේ ජනතාව ලබා දුන් ඡන්දයට නිසි වටිනාකමක් වත්මන් ආණ්ඩුව ලබා දුනාද ?යන්නයි. 

වැඩි දුරටත් ජන රැළිය  අමතා ඇය ප්‍රකාශ කර සිටියේ, 2029 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී නියත ජනාධිපතිවරයා වශයෙන් ජයග්‍රහණය කරන බව ඇය පවසා සිටියා.


----------------------------------------------------------

' රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු 'පොදු ජන පෙරමුණ වැඩ අරඹයි (4.00 PM)

' රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු ' යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 මැයි දින රැලිය අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨයේදී ආරම්භ වී තිබෙනවා . 

Gallery
ReeCha