ගොනා කවුද? ගොනා නේද පුතා“දිලීත්ගෙන් සැර කතාවක්... (VIDEO)

Report

ජනාධිපතිවරයා මෙරට පළාත් පාලන ආයතන නීතිය නොදන්නේ නම් එය වරදක් බව සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

ශිෂ්‍ය භික්‍ෂුවකට භික්‍ෂු පිරිසක් පහර දී බරපතලයි... හේතුව මෙන්න

ශිෂ්‍ය භික්‍ෂුවකට භික්‍ෂු පිරිසක් පහර දී බරපතලයි... හේතුව මෙන්න

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය රටේ පුරවැසියෙකු ලෙස ප්‍රතික්ෂේප කරන බවයි ඔහු කියා සිටියේ. මුල්‍ය පරිපාලනයේ දී පළාත් පාලන ආයතන මධ්‍යම ආණ්ඩුවටත් වඩා බලවත් බව ප්‍රකාශ කළ ඒ මහතා තවදුරටත් කියා සිටියේ පළාත් පාලන ආයතනවලට ස්වාධීනත්වයක් පවතින බවයි.

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

එමෙන් මෙරට බොහෝ පළාත් පාලන ආයතන මධ්‍යම ආණ්ඩුවලින් නොයපෙන බව ද සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර ප්‍රකාශ කර සිටියා.

මෙරට පළාත් පාලන ආයතන සතුව පවතින මුල්‍ය ශක්තියෙන් ජනාධිපතිවරයාට ද එම ආයතනවලින් මුල්‍ය අවශ්‍යතාවයන් සපුරාගැනීමට හැකි බව ද ඔහු කියා සිටියා. ඔහු මෙම අදහස් පල කළේ මැයි දිනයට සමගාමිව පවතී ජන හමුවකට එක්වෙමින්.