අවමංගල්‍ය උත්සවයේදී තවත් අවමංගල්‍යක්

By Hashini May 03, 2025 03:54 AM GMT
Report

ඊයේ රාත්‍රියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

ඒ සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ දි.

පොලිසිය පැවසුවේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පැමිණි සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් මෙලෙස පහර දී ඝාතනය කර ඇති බවයි.

හේන්වලයාගම , කිඹිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 55ක පුද්ගලයෙක් මෙලෙස ඝාතනය වී ඇත.

සිගිරිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මෘත ශරීරය කිඹිස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මහින්ද හැදු පාරේ යන ජවිපෙ ගැන නාමල්ගේ සතුට

මහින්ද හැදු පාරේ යන ජවිපෙ ගැන නාමල්ගේ සතුට