ත්‍රස්තවාදීන් සතුව තිබූ යුධ හමුදා භාරයට ගත් රත්තරන් භාර දෙයි

Sri Lanka Army Sri Lanka Police Gold Sinhala news
By Hashini May 03, 2025 12:58 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ඊයේ (02) පසුගිය කාලයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිම වීමෙන් අනතුරුව රජය වෙත භාරදීම සිදු කළා.

ඒ,අනුව යුද්ධය අවසන් වීමෙන් අනතුරුව LTTE සංවිධානයේ බැංකුවල හා LTTE සංවිධානය සතුව තිබී සොයාගත් ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් තම භාරයට ගෙන විමර්ශන සඳහා මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්තරන් , රීදී , මැණික් ඇතුළු ස්වර්ණාභරණ සහිත පාර්සල් 120 ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව පොලිසියට භාරදීම සිදු කෙරුණා.

නීතිපතිතුමාගේ උපදෙස් මත මෙම භාණ්ඩ පාර්සල් ‍ශ්‍රී ලංකා පොලිස් ආරක්‍ෂාව යටතේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම රන් භාණ්ඩ ස්වර්ණාභරණ අධිකාරිය මඟින් පරීක්ෂාවට ලක් කිරීම අනතුරුව එහි වටිනාකම හා බර ප්‍රමාණය ප්‍රකාශයට පත්කර මාධ්‍යයට දැනුවත් කරන බවයි.

මෙම රන් භාණ්ඩ අයිති පුද්ගලයන්ට අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව ලබාදීමට කටයුතු කිරීමට උත්සාහ කරන බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

ReeCha