මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට...

By Parami Dissanayake Jun 05, 2024 02:40 PM GMT
Report

අද (05වැනිදා) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී ඉඳුනිල් ජයවර්ධන මහතාගේ මළ සිරුර මෝදර ලෙල්ලම ආසන්න වෙරළට ගොඩ ගසා තිබිය දී සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට... | Mysterious Body Of A Journalist Washed Up On Beach

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියකු වන මොහු අභිරහස් ලෙස මෙලෙස මරණයට පත්ව ඇති බව මෝදර පොලිසිය සඳහන් කර සිටිනවා.

මෙතුමා ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද , මීට පෙර ලක්බිම පුවත්පත, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතනවලද සේවය කළ තැනැත්තෙකි.

මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට... | Mysterious Body Of A Journalist Washed Up On Beach

මීට දින දෙකකට ඉහත සිට ඉඳුනිල් ජයවර්ධන නමැති මාධ්‍යවේදියා මෙලෙස අතුරුදහන්ව ඇති බැවින් , ඒ පිළිබඳ පිළියන්දල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්ව තිබෙන බව පොලිසිය සඳහන් කර ඇත.

එවැනි අවස්තාවක දී මෙලෙස ඔහුගේ මළ සිරුර මෝදර වෙරළට ගොඩ ගසා ඇත. කෙසේ වෙතත් , ඔහුගේ මියයාම සිදුවූ ආකාරය සහ ඊට හේතු සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

තවත් පාසල් කිහිපයක් ආරම්භ කිරීම ගැටළු සහගත තත්වයක? මෙන්න දැන් ලැබුණු ආරංචිය.

තවත් පාසල් කිහිපයක් ආරම්භ කිරීම ගැටළු සහගත තත්වයක? මෙන්න දැන් ලැබුණු ආරංචිය.

එමෙන් ම, මෙම මරණයට හේතුව කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ දී පවත්වන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය කරගන්නා බව ද මෝදර පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.