මීට පස්සේ අධිවේගී මාර්ගයේ යනවා නම් මේවා අනිවාර්යයි

Report

අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් එළඹෙන 31 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු මෙම නිවේදනය පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍ය උපදේශක කමිටු රැස්වීමකදී සිදු කළා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ‘පිරිසිදු ශ්‍රී ලංකාව’ ව්‍යාපෘතියේ අංගයක් වශයෙන් මෙම තීරණය ක්‍රියාත්මක වන අතර, පාසල්, කාර්යාල, සංචාරක හා අනෙකුත් බස් රථවල ආසන පටි සවිකිරීමට මාස 3ක කාලයක් ලබාදෙන බව‍යි.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

එසේම පාරිභෝගික සේවා අධිකාරිය විසින් ආසන පටිවල මිල රුපියල් 2,000 සිට රුපියල් 5,000-7,000 දක්වා ඉහළ යාම සමාලෝචනය කළ යුතු බවද ඔහු පවසයි.

තවද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ දුර ගමන් බස් රථ සඳහා ආසන පටි අනිවාර්ය කිරීමට මහජන අදහස් ලබාගත් බවත්, බහුතරයකගේ එකඟතාව ඇති බැවින් ඉදිරියේදී මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව සිට්‍රා නවෝත්පාදන විද්‍යාගාරය හරහා කළ සමීක්ෂණයකදී මගීන්, රියදුරන් හා බස් හිමියන් 2,100කගෙන් දත්ත රැස් කර වාර්තාවක් නිකුත් කර තිබෙන බව සඳහන්.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

මේ අතර අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමට නීතිමය සංශෝධන සිදු කරන අතර, වාහනවල ටයර් ගුණාත්මකභාවයෙන් යුත් නොවන්නේ නම් ඒවාට ඇතුළු වීම තහනම් වන බවත්, එම කොටස්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ලකුණු ක්‍රමයක් ආරම්භ කරන බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් මේ සඳහා ගැසට් නිවේදනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව වාර්තා වේ.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ